Skip to main content

 

Cookies ගැන සරලව දැනගමු

Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති.

අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ.


මොනවද මේ Cookies?

සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්.

සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකගන්න පුළුවන්.

කොහොමද මේක හැදෙන්නේ?

පලමු වතාවට web site එකකට ඇතුලු වෙනකොට පෙන්වන accept cookies tab එක agree කලහම web site එකේ cookies අපේ browser memory එක ඇතුලේ තියෙන cookies store එක තුළ store වෙන්න පටන් ගන්නවා.

ඒක Disagree දුන්නා කියලා මහා වෙනසක් වෙන්නේ නම් නැහැ. යුරෝපයේ තියෙන General Data Protection Regulation නීතිය නිසා තමයි අඩුම ගානේ ඔය වගේ දැනුම්දීමක් වත් කරන්නේ.‍

මේ හැදෙන cookies වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයා යම් වෙබ් අඩවියක කරන Activities, Search, browsing history වගේ දේවල් මේවා හරහා track කරලා තියාගන්නවා.

මොකක්ද ප්‍රයෝජනේ?

වෙබ් අඩවි වලට පරිශීලකයින්ගේ එහෙම නැත්නම් අපේ preference අනුව දැන්වීම් එහෙම පෙන්වන්න මේවා ලොකු උදව්වක් වෙනවා. සරළ උදාහරණයක්‌ විදිහට ඔයා Aliexpress එකේ කරන Search එකට අදාලව පස්සේ Facebook එකේ ad එහෙම පෙන්වන්න ගන්නේ මේ cookies නිසා කියලා කියන්න පුලුවන්.

මේ ඔයාලව track කරන එක විදිහක් විතරයි, ඒවගේම වෙබ් අඩවි වල login එහෙමත් මේ cookies වල තැම්පත් වෙනවා. ඔයාලට එකපාරක් log වුන web site එකකට ආයේ login credentials type නොකර ඇතුලට යන්න ලැබෙන්නෙත් මේ cookies නිසා.

Website owners ලාට තමන්ගේ වෙබ් එකට එන Unique Visitors ලා ගැන වගේ දේවල් වල සෑහෙන්න Accurate count එකක් ගන්නත් මේ cookies උදව් වෙනවා. (Cookies වල තියෙන ID එක නිසා )

ඔයාගේ පරිගණකයේ save වෙන Cookies, එක එක වෙබ් සයිට් වලින් භාවිතා වෙන විදිහ අනුව Privacy වලටත් යම් හානියක් සිදු නොවෙනවා ම නෙමෙයි. Post එක දිග වෙන නිසා මේකේ ඉතිහාසය වගේ දේවල් ගැන නම් මම මේකේ සඳහන් කරන්නේ නැහැ අත්‍යාවශ්‍ය නොවෙන නිසා.

Comments

Popular posts from this blog

  Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙ...
  මොකක්ද මේ (MANA) Decentraland කියන්නේ ? Decentraland කියන්නේ Ethereum Blockchain එක මත ලියැවුණු Virtual ලෝකයක් මත පදනම් වුනු Application එකක්. මෙම ලෝකය ඇතුළතදී ඔබට භාණ්ඩ මිලදී ගැනීමට, විකිණීමට සහ Virtual Reality Games ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. Welcome to Decentraland Create, explore and trade in the first-ever virtual world owned by its users. පරිශීලකයන් හට virtual ඉඩම් මිලදී ගැනීමටත් එම ඉඩම් නැවත විකිණීමටත් ඒ ඒ ඉඩම් මත තමන්ට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් මෙහිදී පුළුවන්. මේ අතර විශේෂ ම කාරණයක් නම් මෙහිදී මෙම application එක run වෙන ප්‍රධාන server එකක් නැතහොත් තනි අයිතිකාරයෙක් නැති වීමයි. Ethereum blockchain එක මත මෙම MANA application එක ලියවී තිබෙන නිසා මෙහි අයිතිය සෑම විටම භාවිතා කරන පුද්ගලයන්හට අයිති වෙනවා. කොහොමද Decentraland වැඩ  කරන්න‌ේ ? 2015 දී Ari Meilich සහ Esteban Ordano විසින් නිමැවුණ මෙය ඒ වන විට දක්නට තිබුණේ ඉතා සරල pixel සහිත grid එකක් සහ එක් එක් පුද්ගලයන් හට අයිතිය ලබා ගැනීමේ proof-of-work algorithm එකක් ලෙසයි. පසුව ටික ටික දියුණු වී 3D උපාංග සහිත Crypt...