Skip to main content

 

මොකක්ද මේ (MANA) Decentraland කියන්නේ ?

Decentraland කියන්නේ Ethereum Blockchain එක මත ලියැවුණු Virtual ලෝකයක් මත පදනම් වුනු Application එකක්. මෙම ලෝකය ඇතුළතදී ඔබට භාණ්ඩ මිලදී ගැනීමට, විකිණීමට සහ Virtual Reality Games ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා.

Welcome to Decentraland
Create, explore and trade in the first-ever virtual world owned by its users.

පරිශීලකයන් හට virtual ඉඩම් මිලදී ගැනීමටත් එම ඉඩම් නැවත විකිණීමටත් ඒ ඒ ඉඩම් මත තමන්ට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් මෙහිදී පුළුවන්.

මේ අතර විශේෂ ම කාරණයක් නම් මෙහිදී මෙම application එක run වෙන ප්‍රධාන server එකක් නැතහොත් තනි අයිතිකාරයෙක් නැති වීමයි. Ethereum blockchain එක මත මෙම MANA application එක ලියවී තිබෙන නිසා මෙහි අයිතිය සෑම විටම භාවිතා කරන පුද්ගලයන්හට අයිති වෙනවා.

කොහොමද Decentraland වැඩ කරන්න‌ේ?

2015 දී Ari Meilich සහ Esteban Ordano විසින් නිමැවුණ මෙය ඒ වන විට දක්නට තිබුණේ ඉතා සරල pixel සහිත grid එකක් සහ එක් එක් පුද්ගලයන් හට අයිතිය ලබා ගැනීමේ proof-of-work algorithm එකක් ලෙසයි. පසුව ටික ටික දියුණු වී 3D උපාංග සහිත Crypto Currency වර්ග දෙකකින් භාවිතාවන ලෝකයක් බවට මෙය පත්වුණා. මෙහි $LAND සහ $MANA Token නම් Crypto Currency වර්ග භාවිතා වෙනවා.

මෙම ලෝකයෙහි ඇති VIRTUAL ඉඩම් (LAND) වල කුඩාම මිනුම් ඒකකය PARCEL වන අතර එම PARCEL මිලදී ගැනීමට නම් MANA භාවිතා කිරීමට සිදුවෙනවා. එම LAND Tokens Ethereum ERC-721 NFT Token ලෙසත්, MANA Tokens ERC 20 tokens ලෙසත් සාදා ඇති අතර තමන්ට අයිති LAND වල ඉදිකෙරෙන එක් එක් නිර්මාණ වලින් තමන්ට මුදල් උපයා ගැනීමේ හැකියාවද තිබෙනවා.

LAND නිකුත් කිරීම

Decentraland platform එක 2017 අගෝස්තු වන විට දී ඇමෙරිකානු ඩොලර් මිලියන විසි හතරක් වටිනා මුදලක් එම Project එක සඳහා එකතු කරගත් අතර MANA token නිකුත් කිරීම පහත පරිදි ආකාර කිහිපයකින් සිදු වුණා.

  • 40% ක් වූ MANA ප්‍රථම නිකුත් කිරීමේදී ත්
  • 20% ක් ඔවුන්ගේ පරිශීලකයන් සහ හවුල්කරුවන් අතරෙ ත්
  • 20% ක් නිර්මාතෘ කණ්ඩායම අතරේ බෙදාහැරීමට කටයුතු සිදු විය.

LAND මිලදී ගැනීමේ අවස්ථා දෙකක් 2017 සහ 2018 වසර වලදී සිදු වුන අතර "DUTCH AUCTION" ලෙස එම විකිණීමේ කටයුත්ත සිදු වුණා.



LAND එකක් හෝ කිහිපයක් මිලදී ගත්විට ඒ සඳහා වියදම් කරන ලද MANA නැවත භාවිතයට ගත නොහැකි වන ලෙස BURN කිරීම හෝ ඒවා EMPTY කිරීම සිදු වෙනවා. මුල් මිලදී ගැනීමෙන් පසුව, LAND එක අයිති පුද්ගයන් හට තමන් කැමති මුදලකට ඒවා නැවත විකිණීමේ හැකියාව පවතිනවා.

Decentraland එක Decentealized , Blockchain මත පදනම් වුණු application එකක් නිසා කිසි විටෙකත් කිසිවෙකුටත් මේවායේ දත්ත වෙනස් කිරීමට හෝ hack කිරීමට හැකියාවක් නම් නොලැබෙන තරම්. PUBG, Fortnite වැනි පරිගණක ක්‍රීඩා වුණත් බැලූ බැල්මට මෙයට සමාන වුවත් ඒවා කිසිවක් decentralized යන සංකල්පයට අදාළ වෙන්නේ නැහැ. එහි සම්පූර්ණ අයිතිය ඒ ඒ අදාල සමාගම් වලට පවතින බව මෙහි ඇති විශේෂම වෙනසයි. Decentraland හිදී servers සහ ගනුදෙනු පරිශීලකයන් මත පමණක් රඳා පවතිනවා.

මූල්‍යමය පසුබිම

MANA TOKENS ඕනෑම ERC-20 ගබඩා කළ හැකි Wallet එකකට දැමිය අතර මුදල් වශයෙන් ගතහොත් මේ වන විට MANA එකක අගය 1$ කට සමාන අගයක පවතී. ඉල්ලුම වැඩිවීමත් සමග මෙහි අගය ඉහළ යෑමට වැඩි ප්‍රවණතාවක් තිබෙන අතර උපරිම MANA සැපයුම වන්නේ MANA 2,644,403,343 කි.‌‌මෙම සෑම ගනුදෙනුවක්ම ETHERUM SMART CONTRACT හරහා සිදුවන බවද අමතක නොකළ යුතු කරුණක්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Decentraland සහ Coindesk වෙබ්

Comments

Popular posts from this blog

  Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙ...
  Cookies ගැන සරලව දැනගමු Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකග...