Skip to main content

Posts

Showing posts from October, 2021
  මිනිස් සිරුරේ උෂ්ණත්වය යොදාගෙන wearable devices charge කළ හැකි නව තාක්ෂණයක් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත්වෙයි Bracelet එකක් හෝ finger ring එකක් ලෙස පැලැඳිය හැකි  thermoelectric generator එකක්  මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය, බැටරි ආරෝපණ කළ හැකි විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. මෙම තාක්ෂණය ඔස්සේ අප පළඳින සාමාන්‍ය electronic wearable devices එනම් Smart watch, fitnes tracker ආදියෙහි බැටරි ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. මනුෂ්‍ය ශරීරයේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම Volt 1 ක ශක්තියක් නිපදවීමට මෙම thermoelectric generator එක සමත් වෙන අතර එලෙස නිෂ්පාදනය කරගන්නා විදුලිය මෙවැනි wearable devices ආරෝපණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බව මොවුන් විශ්වාසය පළ කරනවා. දැනට භාවිතා කරන තාක්ෂණයට අනුව Smart watch හෝ fitness tracker වල බැටරි කෝශයක් අන්තර්ගත කල යුතු අතර එය නිරන්තරයෙනම ආරෝපණය කිරීමට අවශ්‍ය වන අතර, බැටරියෙහි ආයු කාලය අවසන් වූ පසු එය replace කිරීමටද අවශ්‍ය වෙනවා. නමුත් මෙම...
  Samsung සමාගම මෝටර් රථ සඳහා වන පළමු Image Sensor එක එළිදක්වයි; Tesla සමාගම සමඟ ඩොළර් මිලියන 436ක ගිවිසුමක් අත්සන් තබයි Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති. විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා. ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා. (1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙ...
  කැසට් පටය ලොවට හඳුන්වාදුන් Lou Ottens මහතා 94 වැනි වියෙහිදී දිවි සැරියෙන් සමුගනියි ලොව පුරා සංගීතයට සවන්දිය හැකි ක්‍රමයක් අතේ ගෙන යා හැකි තත්ත්වයට පත් කිරීමට මූලික අඩිතාලම වුණු කැසට් පටය ලොවට හඳුන්වාදුන්  Lou Ottens මහතා  පසුගිය මාර්තු 6 වැනි දින දිවි සැරියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා. 1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. 1960 දශකයේ මුල් භාගයේදී Phillips ආයතනයේ සේවය කළ මොහු විසින් එවකට පැවති ප්‍රමාණයෙන් විශාල මෙන්ම මිලෙන් අධික reel-to-reel tape තාක්ෂණය වෙනුවට, සාමාන්‍යය ජනතාවට පහසුවෙන් භාවිතා කළ හැකි, මිලෙන් අඩු විසඳුමක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා. ඒ අනුව 1963 වර්ෂයේදී Berlin Radio electronics fair event එක අතරතුරදී මොහු විසින් එළිදැක්වුණු මුල්ම කැසට් පටය ඉතාමත් ඉක්මණින් ලොව පුරා ව්‍යාප්ත වන්නට වූ අතර එතැන් සිට මේ දක්වා කැසට් පට බිලියන 100කට අධික ප්‍රම‍ාණයක් ලොව පුරා අලෙවි වී ඇති බව දැනගන්නට ලැබෙනවා. මෙලෙස එළිදැක්වූ කැසට් පට තාක්ෂණය ලොව පුරා අනෙකුත් සමාග...
  මොකක්ද මේ (MANA) Decentraland කියන්නේ ? Decentraland කියන්නේ Ethereum Blockchain එක මත ලියැවුණු Virtual ලෝකයක් මත පදනම් වුනු Application එකක්. මෙම ලෝකය ඇතුළතදී ඔබට භාණ්ඩ මිලදී ගැනීමට, විකිණීමට සහ Virtual Reality Games ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. Welcome to Decentraland Create, explore and trade in the first-ever virtual world owned by its users. පරිශීලකයන් හට virtual ඉඩම් මිලදී ගැනීමටත් එම ඉඩම් නැවත විකිණීමටත් ඒ ඒ ඉඩම් මත තමන්ට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් මෙහිදී පුළුවන්. මේ අතර විශේෂ ම කාරණයක් නම් මෙහිදී මෙම application එක run වෙන ප්‍රධාන server එකක් නැතහොත් තනි අයිතිකාරයෙක් නැති වීමයි. Ethereum blockchain එක මත මෙම MANA application එක ලියවී තිබෙන නිසා මෙහි අයිතිය සෑම විටම භාවිතා කරන පුද්ගලයන්හට අයිති වෙනවා. කොහොමද Decentraland වැඩ  කරන්න‌ේ ? 2015 දී Ari Meilich සහ Esteban Ordano විසින් නිමැවුණ මෙය ඒ වන විට දක්නට තිබුණේ ඉතා සරල pixel සහිත grid එකක් සහ එක් එක් පුද්ගලයන් හට අයිතිය ලබා ගැනීමේ proof-of-work algorithm එකක් ලෙසයි. පසුව ටික ටික දියුණු වී 3D උපාංග සහිත Crypt...
  Cookies ගැන සරලව දැනගමු Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකග...