Skip to main content

 

මිනිස් සිරුරේ උෂ්ණත්වය යොදාගෙන wearable devices charge කළ හැකි නව තාක්ෂණයක් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත්වෙයි

Bracelet එකක් හෝ finger ring එකක් ලෙස පැලැඳිය හැකි thermoelectric generator එකක් මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය, බැටරි ආරෝපණ කළ හැකි විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම තාක්ෂණය ඔස්සේ අප පළඳින සාමාන්‍ය electronic wearable devices එනම් Smart watch, fitnes tracker ආදියෙහි බැටරි ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.

මනුෂ්‍ය ශරීරයේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම Volt 1 ක ශක්තියක් නිපදවීමට මෙම thermoelectric generator එක සමත් වෙන අතර එලෙස නිෂ්පාදනය කරගන්නා විදුලිය මෙවැනි wearable devices ආරෝපණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බව මොවුන් විශ්වාසය පළ කරනවා.

දැනට භාවිතා කරන තාක්ෂණයට අනුව Smart watch හෝ fitness tracker වල බැටරි කෝශයක් අන්තර්ගත කල යුතු අතර එය නිරන්තරයෙනම ආරෝපණය කිරීමට අවශ්‍ය වන අතර, බැටරියෙහි ආයු කාලය අවසන් වූ පසු එය replace කිරීමටද අවශ්‍ය වෙනවා.

නමුත් මෙම තාක්ෂණය ඔස්සේ මෙවැනි device සඳහා බැටරි කෝෂ ඇතුලත් කිරීම අවශ්‍ය නොවනු ඇති අතර, device එකට අවශ්‍ය ශක්තිය මෙම thermoelectric generator එක මඟින් අඛණ්ඩව ලබාදෙනු ඇති.

පර්යේෂකයන් අනාවැකි පළ කරන්නේ නිර්මාණයේ ඇතැම් සම්බන්ධතා සකස් කිරීමෙන් පසු වසර 5 ක් හෝ 10 ක් තුළ උපාංගය වෙළඳපොල වෙත නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

Comments

Popular posts from this blog

  මොකක්ද මේ (MANA) Decentraland කියන්නේ ? Decentraland කියන්නේ Ethereum Blockchain එක මත ලියැවුණු Virtual ලෝකයක් මත පදනම් වුනු Application එකක්. මෙම ලෝකය ඇතුළතදී ඔබට භාණ්ඩ මිලදී ගැනීමට, විකිණීමට සහ Virtual Reality Games ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. Welcome to Decentraland Create, explore and trade in the first-ever virtual world owned by its users. පරිශීලකයන් හට virtual ඉඩම් මිලදී ගැනීමටත් එම ඉඩම් නැවත විකිණීමටත් ඒ ඒ ඉඩම් මත තමන්ට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් මෙහිදී පුළුවන්. මේ අතර විශේෂ ම කාරණයක් නම් මෙහිදී මෙම application එක run වෙන ප්‍රධාන server එකක් නැතහොත් තනි අයිතිකාරයෙක් නැති වීමයි. Ethereum blockchain එක මත මෙම MANA application එක ලියවී තිබෙන නිසා මෙහි අයිතිය සෑම විටම භාවිතා කරන පුද්ගලයන්හට අයිති වෙනවා. කොහොමද Decentraland වැඩ  කරන්න‌ේ ? 2015 දී Ari Meilich සහ Esteban Ordano විසින් නිමැවුණ මෙය ඒ වන විට දක්නට තිබුණේ ඉතා සරල pixel සහිත grid එකක් සහ එක් එක් පුද්ගලයන් හට අයිතිය ලබා ගැනීමේ proof-of-work algorithm එකක් ලෙසයි. පසුව ටික ටික දියුණු වී 3D උපාංග සහිත Crypt...
  Cookies ගැන සරලව දැනගමු Web site එකකට යනකොට සමහර වෙලාවට Cookies allow කරන්න කියලා හරි එහෙම නැතිනම් ඒ Web site එක Cookies ගන්නවා කියලා හරි message එකක් හෝ popup එකක් වගේ ඔයාල අනිවාර්යෙන් දැකලා ඇති. අන්තර්ජාලය භාවිතා කරන ඕනෙම කෙනෙකුට අතිශය සුලභ වුනාට හරියටම මේ Cookies ගැන දන්නවද? මේක ලියන්නේ මම දැකපු Meme එකක් නිසා. ඔය පහල තියෙන්නේ ඒක. මේ ලිපියේ අරමුණ ඕනෑම කෙනෙකුට ලේසියෙන් මේ ගැන තේරුම් ගන්න පුළුවන් වෙන එක. ඒනිසා ගොඩාක් තාක්ෂණික කරුණු සහ දීර්ඝ පැහැදිලි කිරීම් මේකේ මම ඇතුලත් කරන්නේ නැහැ. මොනවද මේ Cookies? සරලවම කිව්වොත් Cookies කියන්නේ වෙබ් අඩවියක් අපේ පරිගණකයේ තැන්පත් කරන පොඩි දත්ත ගොනුවක්. මේකේ තියෙන්නේ ඒ අදාළ වෙබ් අඩවිය ඇතුලේ පරිගණකය පාවිච්චි කරන පුද්ගලයාගේ Preferences, Choices, Activities වගේ දේවල්. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්න Cookies ජාති වගේම browser cookies, HTTP cookies, web cookies, computer cookies වගේ විවිධ නම් වලින් මේ cookies හඳුන්වන අතර, First-party Cookies, Third-party Cookies, Session Cookies, Persistent Cookies, Secure Cookies විදිහට අපිට ප්‍රධාන වර්ග කිහිපයකුත් දැකග...